මොනවද මේ හදිස් කියන්නේ ?



මේ ලොව පවතින ආගම් සහ දර්ශනයන් මීට අවුරුදු දහස් ගණනකට පෙර පෘථීවියට පහළ වුනු ඒවා බව විවාධයක් නැහැ.. යුග යුග පසු කරමින් පැමිණි මානවයන් තමන් අභිමත වූ ආගමක් දර්ශනයක් අදහමින් සිටිනවා . ඔවුන් එකී ආගම් හා දර්ශනයන් අදහන්නේ පරම්පරාවෙන් පරම්පරාවට ඔවුන් වෙත පැමිණි චාරිත්‍ර හා වත් පිළිවෙත් මුලික කරලා.. කෙසේ හෝ වේවා යම් ආගමක හෝ දර්ශනයක උපත පැහැදිලිව දැනගත හැකි මූලාශ්‍ර පවතින්නේ නම් එය අතිශයින්ම වැදගත් වෙනවා.. නිවරදි බව, යථානුරුපි බව, කාලයට ගැලපෙන බව, ආරක්‍ෂිත බව යන පදනම් එකී මූලාශ්‍රයන්හි පැවැත්මට තදින්ම බලපානවා.

ඉස්ලාම් ආගම දෙසට අවධානය යොමු කරනකොට , ඉස්ලාම් ආගම මෙලොවට පහළ වී මේ වන විට අවුරුදු 1447 ගත ව ගොස් අවසන්. යම් කෙනෙකු මෙම ආගම අධ්‍යනය කිරීමට කැමැත්තෙන් පසු වන්නේ නම් මුලින් පැවසූ ආකාරයට යම් විශ්වාසනීය වූ සහ නිවරදි වූ මග පෙන්වීමක් ඔහුට අත්‍යවශ්‍ය වෙනවා.

ඒ අනුව ඉස්ලාමයේ ප්‍රධාන වශයෙන් මුලාශ්‍ර 2ක් අපට දකින්න පුළුවන් 

  1. අල් කුර්ආනය
  2. අල් හදීස් / සුන්නාහ් (උත්තම නබි සල් තුමාණන්ගේ ආදර්ශයන්)

ඉහත මූලාශ්‍රයන් පිළිබඳ අවබෝධය ලබා දිය යුත්තේ මුස්ලිම්වරුන්ට පමණක් නොවේ. ඉස්ලාමය ගැන වැරදි මතයන් සමාජයේ නිධන්ගත වෙමින් තිඛෙන මේ මොහතේ සත්‍ය වු මූලාශ්‍රයන් අපේම මව් බසින් සියළු දෙනාටම අනාවරණය කරදී අන්ධානුකරණය දුරු කර ආගම් පිළිබඳ අවබෝධය ඇති කිරීම අප කාගේත් භාරදූර වගකිමක්.


අල් හදීස් යනු,

උත්තම නබි (සල්) තුමාණන්ගේ

  • මුවින් පිටවූ මුතු වදන්
  • ස්වකීය ක්‍රියාවෙන් පෙන්නුම් කළ දේ
  • එතුමන් විසින් අනුමත කළ සියළු කරුණු වේ.


එකල නබි තුමානන්ගේ වියෝවෙන් පසු ඉදිරි පරම්පරාවට ඉස්ලාමය පිළිබද පණිවිඩය නැතිවේ යැයි එකල සිටි විද්වතුන් කල්පනා කළා,
එනිසාම එකල මුහම්මද් නබි තුමානන් ආශ්‍රය කල ,උපදෙස් ලබාගත්,එතුමාණන්ගේ ක්‍රියාවන් දුටු, සමකාලින මිතුරන්ගේ හා එකල විසු ජන සමාජයෙන් එතුමාණන්ගේ ක්‍රියාවන්,ආදර්ශයන් හා උපදෙස් ඇතුලත් කරමින් දහසකුත් දුෂ්කරතා මැද එකී ආදර්ශයන් ග්‍රන්ථාරූඨ කරමින් ලොවට ලබා දුන්නාවු ශ්‍රේෂ්ඨ හදීස් වියතුන්ගේ (ග්‍රන්ථ කතුවරුන් )(මුහද්දිසින්වරු)කිහිප දෙනෙක් සිටිනවා.

බුහාරි,මුස්ලිම්,නසායි,අබු දාවුඩ්,තිර්මිදී ,ඉබ්නු මජාහ් ,ඉබ්නු ඉෂාක්,තබරි,ඉබ්නු හජාර්,ඉබ්නු සාද්,තබකත්,අන්සාබ්,අල්-අෂ්රෆ් වගේ ග්‍රන්ත්‍ර කතුවරුන් ප්‍රධාන තැනක් ගන්නවා.

 දෙවන මූලාශ්‍රය වූ අල් හදීස් වෙබ් අවකාශයට තවමත් ඇතුලත් කෙරෙමින් පවතිනවා ,ඊට හේතුව හදිස් ඇතුලත් කිරීම කාලයක් ගත වීමයි,නමුත් ඉංග්‍රීසි භාෂාවෙන් හා අරාබි භාෂාවෙන් හදිස් අන්තර්ජාලයේ දකින්න පුළුවන්.පොතක් ලෙස බැලුවිට එය CR පොතක ප්‍රමාණයෙන් පිටු ලක්ෂ ගණනක තොරතුරු අඩංගු වෙනවා.


අල් කුර්ආනයේ සිංහල පරිවර්තන , සිංහල කුරාන්  යහමග වගේම සිංහලෙන් ඉස්ලාමය පිළිබද    මේ වන විටත් වෙබ් අවකාශය තුළ දැකගන්න පුළුවන් .
ඊට අමතරව පහත දැක්වෙන ඉස්ලාමය පිලිබදව සිංහල භාෂාවෙන් බොහොමයක් වෙබ් අඩවි අන්තර්ජාලයේදියත් කරලා තියෙනවා.ඉස්ලාමය හා මුස්ලිම්වරුන් පිලිබදව සැකහැර දැනගන්න පහත වෙබ් අඩවි උදව් වේවි.





  1. අල් කුර්ආණය වෙබ් අඩවිය
  2. අල් කුර්ආණය සහ විද්‍යාව
  3. ශ්‍රීකුර්ආන් වෙබ්අඩවිය
  4. ඉස්ලාම් දර්ශනය වෙබ් අඩවිය
  5. මුස්ලිම් ඉතිහාසය
  6. මුස්ලිම් කාන්තා වෙබ් අඩවිය
  7. ජීම් වෙබ් අඩවිය
  8. යහමග වෙබ් අඩවිය
  9. ඔබට ඉස්ලාම් අඩවිය
  10. ඉස්ලාම් යනු කුමක්ද අඩවිය
  11. ඉස්ලාමය වෙබ් අඩවිය
  12. හුබ්බුන් නබි වෙබ් අඩවිය
  13. දහ්වා කෝනර් වෙබ් අඩවිය
  14. අයි පි සි බ්ලොගර් අඩවිය
  15. සාමය අඩවිය
  16. සත්‍ය සොයා ගමු
  17. නබිතුමා වෙබ් අඩවිය
  18. ආරාධනා වෙබ් අඩවිය
  19. ඉස්ලාමිය පොත් අඩවිය
  20. මනරුදාව අඩවිය
  21. යා යුතු මග වෙබ් අඩවිය
  22. සත්‍ය දහම අඩවිය
  23. සිංහල මුස්ලිම් අඩවිය
  24. අරමුණ වෙබ් අඩවිය
  25. සත්‍ය මග වෙබ්අඩවිය
  26. සහිලාන් ඉස්ලාම් සිංහලෙන්


 මිට අමතරව ඉස්ලාමය පිලිබදව පොත්පත් හා සගරා ආදිය ලබා ගන්න පුළුවන් ප්‍රබෝදය සගරාව
 අන්තර්ජාලයට තවත් එක් ඉස්ලාමිය සගරාවක්.


හදිස් ග්‍රන්ථරුඩ කරණයේ විකාශනය හා එහි සහසම්බන්ධතාවය පිලිබදව වැඩිදුර තොරතුරු.

http://www.islamic-awareness.org/Hadith/Ulum/hadsciences.html
http://www.islamic-awareness.org/Hadith/narrazuhair.html







Share on Google Plus

රුමෙෂා නිම්තකි .

    Blogger Comment
    Facebook Comment