
අපිට විඳින්නට සිදුවන දුක් කරදර හා බාධාවන් අත්දැකීම් හැටියට සැලකීම වැරදි ය. අත්දැකීම් ලබන්නේ අපට මුහුණ දීමට සිදුවන අසහන වලට අපි දක්වන ප්‍රතිචාරයෙනි. ජීවිතයේ දී අපට මුහුණ දීමට සිදුවන දේවල් අපමණය. එවිට අප කරන්නේ යහපත් දේවල් වලින් සතුටු වීම ය. අයපහත් දේවලින් තැවීම ය. ආදරය කරන්නට ලැබුණු විට ආදරය කරන අපි එය නොලැබුණු විට වෛර කරමු. අත්දැකීමක් ලැබීමට නම් වෛර කරන්නට හේතුවන තත්වයක් මතු වූ විටත් ආදරයට වෙනස්වීමට ඉඩ නොදී ඉක්මන් නොවී ඉන්න. ආදරයක් කඩා කප්පල් වූ නිසා අත්දැකීමක් ලැබීමට බැරිය. අත්දැකීමක් ලබන්නේ කඩාකප්පල් වූ තත්වයට ඔබ මුහුණ දුන් ආකාරය අනුවයි. දැඩි ලෙස ආදරය කළා නම් එය වෛරයකට හැරෙන්නේ නැත.
දුක්වීමට තැවීමට ආත්ම අනුකම්පාවෙන් පුංචිවීමට මානසික ශක්තියක් අවශ්‍ය නැත. ශක්තිය අවශ්‍ය දුබල කමකින් ජය ගැනීමට ය. ඔබේ සිත තුල ඔබට ඕනෑ කරන සෑම ශක්තියක්ම ඇත. ඒවායින් ඔබ ඉස්මතු කරන්නේ කුමක් ද? ධෛර්යය අවශ්‍ය තැන පසුබෑම තෝරා ගන්නේ කවුද?
Blogger Comment
Facebook Comment