
කුණු කසල ඉවත් කොට යම් ස්ථානයක් සුද්ධ පවිත්‍රව තැබීම වැදගත් කාර්යයක් බව සිතට ගත් තැනැත්තා එම ස්ථානය වාසයට සුදුසු දැකීමට ප්‍රිය උපදවන තැනක් බවට හරවනවා. ඕනෑවට එපාවට කටයුතු කරන්නේ තමන් කරන්නේ සේවයක් බව නොදන්නා අයෙකි. සේවයක් නම් එය ඉතා වැදගත් කටයුත්තකි.
කසල ශෝධකයන් වැඩ වර්ජනය කරන තුරු එම සේවයේ අගය අන් අයට වැටහෙන්නේ නැහැ. අන්තිම පහත් යැයි ඔබ සිතන සේවය අපට නැතුවම බැරි උසස් ම සේවයක්. එය පහත් යැයි සිතන්නේ එය ඉටු කිරීම සඳහා විශේෂ ඉගෙනීමක් හෝ පුහුණුවක් අවශ්‍ය නැති නිසා.
විශේෂ ඉගෙනීම හා පුහුණුව ලබා සිටින අයගෙන් කී දෙනෙක් තමන් සතු වගකීම, යුතුකම, රාජකාරිය උසස් අන්දමින් ඉටු කරනවා ද?
Blogger Comment
Facebook Comment