
මා නැමදුම් කිරීම සඳහා මිස මිනිසුන් හා ජින්වරුන් මා නිර්මාණය නොකෙරුවෙමි [අල්-කුරානය: සුරා zසාරියාත්(51):56]
උපතින්ම අන්ධ කෙනෙක් ගැන හිතන්න. ඔහුට අවට ලෝකයේ සිදු වෙන කිසිම දෙයක් ගැන දැනගන්න බැරිද? එහෙම කියන්න බැහැ. අවට ඉන්න අය ගැන, තිබෙන දේවල් ගැන හා සිදු වෙන දේවල් ගැන ඔහු තොරතුරු ලබාගන්නවා. අපි දකින්නේ “ඇස්වලින් නෙමෙයි මනසින්” කියා අන්ධ කෙනෙක් පැවසුවා.
ඒ හා සමානව ඔබට අල්ලාහ් දෙවියන්ව ඔබේ පියවි ඇස්වලින් දකින්න බැරි වුණත් ‘සිත් නමැති ඇස්වලින්’ දකින්න පුළුවන්. එහෙම කරන්න පුළුවන් ක්‍රම තුනක් බලමු.
“දෙවියන් නිර්මාණය කර ඇති දේවල් නිරීක්ෂණය” කිරීමෙන්
සාමාන්‍ය අයට වඩා අන්ධ අයට ඇසීමේ හා දැනීමේ හැකියාව වැඩියි. ඔවුන් ඒ හැකියාවෙන් දකින්න බැරි දේවල් ගැන අවබෝධයක් ලබාගන්නවා. ඒ හා සමානව අපිට දෙවියන්ව නොපෙණුනත් අවට ඇති දේවල් නිරීක්ෂණය කිරීමෙන් අපේ නිර්මාතෘ දෙවියන්ව දැනගන්න පුළුවන්. “දෙවියන් නොපෙනුණත් ලෝකය සෑදූ දා පටන් ඔහුගේ බලය හා ගුණාංග ගැන අවබෝධයක් ලබාගැනීමට මිනිසාට පුළුවන” කියා කුරානයේ සඳහන් වෙන්නේ ඒ නිසයි.—
පෘථිවි නිවහන ගැන ටිකක් හිතන්න. එය නිර්මාණය කර තිබෙන්නේ අපිට ප්‍රීතියෙන් ජීවිතය භුක්ති විඳින්න පුළුවන් විදිහටයි. මද සුළඟක පහස ලබද්දී, සීත දවසක හිරු රශ්මියේ උණුසුම දැනෙද්දී, දිව පිනා යන පළතුරක රසය දිවට දැනෙද්දී, කුරුල්ලන්ගේ කිචි බිචි නාදය ඇසෙද්දී අපි මොන තරම් සතුටක් ලබනවාද! එයින් අපේ නිර්මාතෘ අල්ලාහ් දෙවියන් මොන තරම් සැලකිලිමත්ද කරුණාවන්තද ත්‍යාගශීලීද කියා පැහැදිලි වෙනවා.
විශ්වය නිරීක්ෂණය කරද්දී ඔබට දෙවියන් ගැන දැනගන්න පුළුවන් මොනවාද? අහස් කුස දෙස බලද්දී දෙවියන් සතු අතිමහත් බලය හෙළි වෙනවා. මෑතකදී විද්‍යාඥයන් සොයාගත් කරුණුවලින් පෙනී යන්නේ විශ්වය ප්‍රසාරණය වෙනවා පමණක් නෙමෙයි එය සිදු වෙන වේගයත් එන්න එන්නම වැඩි වෙන බවයි. එහෙම වෙන්නේ මොන බලයෙන්ද කියා ඔබ රාත්‍රී අහස දෙස බලා කල්පනා කර ඇති. කුරානයේ සඳහන් වෙන්නේ නිර්මාතෘ දෙවියන්ට ‘අතිමහත් ශක්තියක්’ තිබෙනවා කියායි.අල්ලාහ් දෙවියන්ගේ නිර්මාණවලින් ඔහු “බලයෙන් ඉතා උසස්” බවත් ‘සියලු බලැති දෙවියන්’ බවත් පැහැදිලි වෙනවා.
හිස් බවේ සිට අපි විශ්වය මැවූ අතර අපිම එය නිරන්තරයෙන් පුළුල්(ප්‍රසාරණය) කරන්නෙමු [51:47] අහස්හි ග්‍රහලෝකයන් නිර්මාණය කර එහි සුර්යයා ආලෝකයක් වශයෙන්න්ද ,චන්ද්‍රයා දීප්තිය ගෙන දෙන්නක් වශයෙන්ද නිර්මාණය කළ ඔහු භාග්‍යවන්තය [25:61], ඔහු රාත්‍රියද දාවලද ඇති කළේය . සුර්යයාද චන්ද්‍රයාද නිර්මාණය කළේය . මේවා අහසෙහි තමන්ගේ කක්ෂවල ගමන් කරන්නේය [21:33] ඔහු අහස මැවූ අතර එය ආරක්ෂාකාරී වහලක් බවට පත් කර ඇත [21:32]
“දෙවියන් කවුද කියා පැහැදිලි කර” දුන් තැනැත්තා
ඉස්ලාම් කියන්නේ අවුරුදු 1400ට කලින් බිහිවූ දහමක් බවත් එහි නිර්මාතෘ වන්නේ මුහම්මද් (සල්) තුමා බවත් මුස්ලිම් නොවන අය හිතනවා. නමුත් ඉස්ලාම් දහම කියන්නේ මෙලොව බිහිවූ පළමු මිනිසා පටන් මිනිස් සමාජයේ යහපත සඳහා මිනිසාව නිර්මාණය කල දෙවියන් විසින් පහල කළ සත්‍ය වූ යහමගයි.
මෙලොව හා පරලොව ජයග්ර හණය සඳහා ඇති එකම මාර්ගය ඉස්ලාම් බව අල්ලාහ් දෙවියන් පවසනවා.
මැවුම්කරු, එසේ නැත්නම් දෙවි මෙලොව හා පරලොව ජයග්රිහණය සඳහා වූ මාර්ගය මිනිසාට අනාවරණය කිරීමට විවිධ ක්‍රම භාවිතා කර තිබෙනවා. මිනිස් පණිවුඩකරුවෙකු හරහා මිනිස් සමාජයට උපදෙස් ලබා දීම මින් එක් ක්‍රමයක් . පළමු මිනිසා වන ආදම් තුමා සිට මුහම්මද් තුමා දක්වා මෙවන් පණිවුඩකරුවන් රාශියක් දෙවි විසින් තෝරාපත් කරගෙන තිබෙනවා. මෙම පණිවුඩකරුවන්ගේ දාමයේ අවසාන පුරුක වනුයේ මුහම්මද් තුමයි, මීට පෙර යෙහෙසුස්, මෝසස්, දාවුද්, සුලෛමාන් (සාලොමොන්) වැනි පණිවුඩකරුවන් පැමිණ තිබෙනවා.
විවිධ කාල පරිච්ඡේදවලදී විවිධ ප්රතදේශ වලට දේව පණිවුඩකරුවන් දෙවි විසින් යවනු ලබා තිබෙනවා. මේ පිළිබඳව දෙවි තම අවසාන දූතය වන මුහම්මද් (සල්) තුමා හරහා පහත ලෙසින් ප්‍රකාශ කරනවා.
සෑම ජනසමාජයකටම පණිවුඩකරුවෙක් (එවන ලදී). ඔවුන්ගේ රසූල්වරයා පැමිණි විට ඔවුන් අතර සාධාරණ විනිශ්චයක් සිදු කරනු ලැබේ. තවද ඔවුන්ට කිසිඳු අසාධාරණයක් කරනු නොලැබේ. [අල්-කුරාන්: සුරා යූසුෆ් (10):47]
දෙවියන් සමඟ දීර්ඝ කාලයක් සිටි මොහොමඩ් තුමා දෙවියන් ගැන මෙසේ පැවසුවා:
විශ්වාසවන්තයාගේ තත්වය ඇත්තෙන්ම කෙතරම් ආශ්චර්යමත්ද යත් සෑම දෙයකම ඔහුට යහපතක් ඇත. තවද මෙම ලක්ෂණය හිමි වන්නේ ඔහුට පමණි. ඔහු යම් ප්‍රියමනාප දෙයක් අත්දකිනවා නම් ඔහුට(දෙවියන්ට) කෘතඥ වෙනවා. මෙහි ඔහුට යහපතක් ඇත. ඔහු යම් අප්‍රිය දෙයක් අත්දකිනවා නම් ඔහු ඉවසිලිවන්ත වෙනවා. මෙහි ඔහුට යහපතක් ඇත.
මෙම විශ්වය නිර්මාණය කල මැවුම්කරුවෙකු සිටිනවා කියන මතය ප්‍රතික්ෂේප කරන අය කියන දෙයක් තමයි,
"මවුම්කරුවෙකු අපි ඇහැට දැකල නැහැ ඒ නිසා එහෙම කෙනෙක් සිටිය නොහැකියි" යන ප්‍රකාශය.
නමුත් ඇහැට නොපෙනෙන බොහෝ දේවල් මිනිසා විශ්වාස කරනවා. මෙසේ මේ දේවල් මිනිසා විශ්වාස කිරීමට හේතුව එම දේවල් ඇහැට නොපෙනුනත් එහි ප්‍රතිපලයන් ඇහැට දැකගත හැකි වීමයි.
උදාහරණයකට ඔබ ඔබගේ මවගේ මවගේ, මවගේ, මවගේ, මවගේ , මවගේ, මවගේ, මවගේ, මවගේ, මවගේ, මවගේ, මවගේ මව ඔබ දැකලා නැහැ. අයගේ ඇඳුම් පැළඳුම්, ඇයව වලදැමූ සොහාන මේ කිසිවක් ඔබ දැකලා නැහැ. ඉතින් ඔබ ඇය ජීවත් වූවා යයි ස්තීරවශයෙන්ම පවසන්නේ කෙසේද?
නමුත් ඔබ දන්නවා ඇය ජීවත්වුණා කියල. මීට හේතුව අද ඔබ ජීවත් වීමයි.
සිතන්න ඊයේ රාත්‍රියේ ඔබගේ නිවසේ තිබුන උත්සවයක් නිසා ගේ හොඳටම අවුල් වෙලා කියල. කාමරය පුරාවටම ඇඳුම්, ඇඳ පිළිවෙලට නැහැ, පුටු බිම පෙරලිලා, කෑම කාමරයෙත් කුස්සියේත් හෝදපු නැති පිඟන් කෝප්ප, කුණු කසල හැමතැනම. මෙසේ ගේ අවුල්ව තිබියදී ඔබ අද උදේ පාන්දරම නිවසින් පිට වෙලා ගමනක් යනවා.
දැන් හිතන්න ඔබ හවස් වෙලා ආපසු ගෙදර එනවා කියලා. අපිළිවෙලට තිබුණු ගෙදර හරි පිළිවෙලට තිබෙනවා
ගෙදරට පැමිණ ගෙදර හරි ආකාරව සකස්කළේ කව්ද කියල ඔබ ඔබටම කියා ගනීවි
- මේස පුටු පිළිවෙලට තිබ්බේ කව්ද ?
- ඇඳ සකස්කළේ කව්ද ?
- පිඟන් කෝප්ප සේදුවේ කව්ද ?
ඔබේ ගෙදර පිලිවලට සකස්කළ පුද්ගලයා ඔබ නොදැක්කත් මෙම පුදගලයා සිටින බව ඔබ විශ්වාස කරනවා. හේතුව ගෙදර පිළිවෙලකට සකස් වී තිබීමයි.
මේ අකාරයටම, මැවුම්කරුවෙකු අපගේ ඇහැට නොපෙනුනත් අප අවට පරිසරයේ, විශ්වයේ ඇති විශ්මිත පිළිවෙල, සුවිශේෂ මැවුම්කරුවෙකු සිටින බවට සාක්ෂි දරනවා.
නොපෙනෙන දෙවියන්ව දකින්න සැලැස්වූ මිනිසෙක්
අන්ධ අය කාරණා තේරුම්ගන්න ආකාරය වෙනස්. උදාහරණයකට අන්ධ කෙනෙක් සෙවණකට ගියොත් ඔහුට දැනෙන්නේ සිසිලසක් විතරයි. එතැනට හිරු එළිය නොවැටෙන බව ඔහුට තේරුම්ගන්න බැහැ. ඒකට හේතුව මුළුමනින්ම අන්ධ කෙනෙකුට සෙවණවත් හිරු එළියවත් දකින්න බැරි වීමයි. ඒ වගේ, නොපෙනෙන අල්ලාහ් දෙවියන්ව අපිට තනියෙන් තේරුම්ගන්න බැරි නිසයි ඔහුගේ ගුණාංග හා පෞද්ගලිකත්වය ඒ විදිහටම විදහාපෙන්වූ කෙනෙක්ව දෙවියන් පොළොවට එව්වේ.
මොහොමඩ් තුමා ගැන කුරාන හෝ හදිස් වාර්තා කියවන විට හෝ ඒවාට සවන් දෙන විට ඔහු ක්‍රියා කළ ආකාරය සිතින් මවාගන්න. මොහොමඩ් තුමා මිනිසුන් එක්ක කටයුතු කළ ආකාරය ගැන ගැඹුරින් සිතා බලනවා නම් අල්ලාහ් දෙවියන්ගේ ගුණාංග ගැන දැනගන්නත් ඔහුට ළං වෙන්නත් හැකි වෙයි.
සම්පූර්ණ චිත්‍රය දකින්න
අන්ධ කෙනෙක් ලෝකය දකින ආකාරය ගැන පොතක මෙසේ සඳහන් වුණා. “ඔහුට ඇහෙන, දැනෙන හා හැඟෙන දේවල් මගින් ඔහු තොරතුරු එකතු කරගන්නවා. ඊටපස්සේ පින්තූරයක් මවාගන්නවා.” ඒ වගේ, දෙවියන්ගේ නිර්මාණ නිරීක්ෂණය කිරීමෙන්, දෙවියන් ගැන මොහොමඩ් තුමා පැවසූ දේවලින් හා මොහොමඩ් තුමාගේ ගුණාංග විදහා පෑ ආකාරයෙන් ඔබට අල්ලාහ් දෙවියන් ගැන අවබෝධ කරගන්න පුළුවන්. එවිට දෙවියන් ඔබට සැබෑ පුද්ගලයෙක් වෙයි.
Blogger Comment
Facebook Comment