ධෛර්යය අවශ්‍ය තැන පසුබෑම තෝරා ගන්නේ කවුද?





අපිට විඳින්නට සිදුවන දුක් කරදර හා බාධාවන් අත්දැකීම් හැටියට සැලකීම වැරදි ය. අත්දැකීම් ලබන්නේ අපට මුහුණ දීමට සිදුවන අසහන වලට අපි දක්වන ප්‍රතිචාරයෙනි. ජීවිතයේ දී අපට මුහුණ දීමට සිදුවන දේවල් අපමණය. එවිට අප කරන්නේ යහපත් දේවල් වලින් සතුටු වීම ය. අයපහත් දේවලින් තැවීම ය. ප්‍රේම කරන්නට ලැබුණු විට ප්‍රේම කරන අපි එය නොලැබුණු විට වෛර කරමු. අත්දැකීමක් ලැබීමට නම් වෛර කරන්නට හේතුවන තත්වයක් මතු වූ විටත් ප්‍රේමයට වෙනස්වීමට ඉඩ නොදී ඉක්මන් නොවී ඉන්න. ප්‍රේමයක් කඩා කප්පල් වූ නිසා අත්දැකීමක් ලැබීමට බැරිය. අත්දැකීමක් ලබන්නේ කඩාකප්පල් වූ තත්වයට ඔබ මුහුණ දුන් ආකාරය අනුවයි. දැඩි ලෙස ප්‍රේම කළා නම් එය වෛරයකට හැරෙන්නේ නැත.

දුක්වීමට තැවීමට ආත්ම අනුකම්පාවෙන් පුංචිවීමට මානසික ශක්තියක් අවශ්‍ය නැත. ශක්තිය අවශ්‍ය දුබල කමකින් ජය ගැනීමට ය. ඔබේ සිත තුල ඔබට ඕනෑ කරන සෑම ශක්තියක්ම ඇත. ඒවායින් ඔබ ඉස්මතු කරන්නේ කුමක් ද?
Share on Google Plus

රුමෙෂා නිම්තකි .

    Blogger Comment
    Facebook Comment